කාබනික මාළු දියරය

    කාබනික වගාවේදී හා පාරිසරික ජෛවගතික වගාවේදී භෝග වර්ධනය සදහා  යොදා ගන්නා ශාක පෝෂක අතර මාළු දියරයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි.

මෙම මාළු දියරය භෝග වර්ධක හොර්මොනයක් ලෙසටද , පළිබෝධ පාලනයට ද යොදා ගත හැකිය.

මාළු දියරය සැකසීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය

1. මාළු හෝ මාළු අපද්‍රව්‍ය - 3 kg 

2. සක්කර - 3 Kg 

3. පිරිසිදු ජලය 


මාළු දියරය සෑදීම 

සම්පුර්ණ මාළු නම් කුඩාවට කපා ගන්න. 

හොදින් වැසිය හැකි බදුනක් සහිත භාජනයක් ගෙන මාළු හා සක්කර තට්ටු වශයෙන් අසුරන්න.

පසුව හොදින් පියන වසා දින 14ක් තබන්න.

දින 14 කට පසුව එම මිශ්‍රණය හොදින් කලතා ජලය ලීටර 3ක් එකතු කර නැවත දින 7ක් වසා තබන්න.

දින 21 කට පසුව එම මාළු සහිත දියරය හොදින් පැසවා ජීර්ණය වී උකු ද්‍රවණයක් ලබා ගත හැකිය.

ගබඩා කිරීම 

මෙසේ සකසා ගත් මාළු දියරය පෙරේනයක් ආධාරයෙන් පෙරා බෝතල් වල දමා ගබඩා කල හැකිය. 

මෙසේ සකසා ගත් දියරය වසරක පමණ  කාලයක් කල්   තබා ගත හැකිය.


මාළු දියරය භාවිතය 

එළවලු, ධාන්‍ය, පළා වර්ග, හා වී වගාව ඇතුළු ඕනෑම බෝගයකට යේදීම කල හැකිය.

භෝගයේ වර්ධන අවධිය  අනුව යොදන අනුපාතයන් වෙනස් කර ගත යුතුය.

මෙහිදී 1 : 10 සිට 1 : 50 දක්වා අනුපාතයන්ට අනුව ඉසීම කල හැකිය.

උදැසන කාලයේ හෝ  දැඩි හිරු රශ්මිය නොමැති වෙලාවක ඉසීම වඩාත් යෝග්‍ය වේ.


මිශ්‍රණය පෙරීමෙන් පසු ඉතිරි වන නොදිරු කොටස් වලට නැවත සක්කර එකතු කර පැසවීමට එකතු කර ගත හැකිය.


පැසවිමේදී ගවමුත්‍රා එකතු කර ගැනීමට හැකි නම් එය ඉක්මන් කර ගත හැකි අතර ඉහළ  ගුණාත්මයක්ද ලබා ගත හැකිය.



ස්තුතියි!.....